කරදියාන කුණු කන්දත් පිපිරෙයි ?

මේවන විට පිළියන්දල කරදියාන කසල අංගනයට දිනකට බැහැරවන කැළි කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 871ක් දක්වා ඉහල ගොස් ඇතැයි වාර්තා වේ.

දිනකට කොළඹ මහනගර සභාවේ කුණු මෙට්‍රික් ටොන් 350 ක් හෙළීමට අධිකරණය අවසරදීමත් සමඟ මේ තත්ත්වය ඇතිව ඇතැයි පැවසේ.

මීට පෙර පළාත් පාලන ආයතන හතක කැළි කසල මෙට්‍රික් ටොන් 541ක් දිකට කරදියාන කසල අංගනයට බැහැර කර තිබේ.
පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් ගිනුම් කාරක සභාවට ලබාදී ඇති වර්තාවකට අනුව දිනකට කරදියානට දෙහිවල නගර සභාවෙන් කසල මෙට්‍රික් ටොන් 215ක් ගෙනවිත් දමන බව හෙළිව ඇත.

ඊට අමතරව හෝමාගමින් මෙට්‍රික් ටොන් 35ක් මහරගමින් මෙට්‍රික් ටොන් 80ක්, කැස්බෑවෙන් මෙට්‍රික් ටොන් 60ක්, මොරටුවෙන් මෙට්‍රික් ටොන් 55ක්, කෝට්ටෙන් මෙට්‍රික් ටොන් 50ක් හා බොරලැස්ගමුවෙන් මෙට්‍රික් ටොන් 26ක් වශයෙන් කරදියානට කැළි කසළ බැහැර කරන බව පැවසේ.

මීට අමතරව කර්මාන්ත ශාලාවලින් ඉවත දමන රසායන ද්‍රව්‍ය, රෝහල්වලින් ඉවත ලන රසායන ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත උපකරණද කරදියානට ගෙනැවිත් දමන බව වාර්තා වේ.

මේ තත්ත්වය මත බොල්ගොඩ වැව අපවිත්‍රවීමේ විශාල අවදානමක් ඇතිව ඇතැයි පැවසේ.
Previous Post Next Post