Email

කැබිනට් දිව්රුමෙන් පසු රජගෙදර රජකෑමක් !

එළඹෙන බදාදා (12) දින මහනුවර මගුල් මඩුවේදී නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීමෙන් පසු සියලුම මැතිඇමැතිවරුන් මහනුවර රජගෙදරට කැදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. එහිදී සියලුම මැතිඇමැතිවරුන්ට දිවා භෝජන සංග්‍රහයක් ලබා දීමට ජනාධිපතිවරයා සැලසුම් කොට ඇති බව දැනගන්නට තිබේ.


කලින් වාර්තා පළවී තිබුණේ මෙවර කැබිනට් ඇමැතිවරුන් 26කට සීමා කිරීමට තීන්දු කොට ඇති බවකි.

කෙසේවෙතත් කැබිනට් අමාත්‍යවරුන් 28දෙනකු පත්කිරීමට මේ වනවිට අවසන් තීන්දුවක් ගෙන ඇති බවද දැනගන්නට ඇත.
gossip lanka