Email

ලංකාවේ ඡන්දවල දිනන කෙනා තෝරන්නේ 'ස්පොන්සස් ලා' – රන්ජන්ගෙන් හෙළිදරව්වක් - (video)

මෙරට මැතිවරණයක ජය පරාජය තීරණය කරන්නේ මුදල් වැය කරන පුද්ගලයන් බවට හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ ඊයේ  (10) දින මාධ්‍ය අමතමින්.


“ලංකාව වගේ දූෂිත දර්ෂකයේ අංක 4ට තියෙන රටක, දුප්පත් රටක, ඡන්දය කියන්නේ Reality Show එකක් වගේ. Sponsor තමයි තීරණය කරන්නේ කවුද දිනන්නේ කියලා. ඡන්දය කියන Reality Show එකට ඉන්න Sponsor ලා තමයි ඇමරිකාව, ඉන්දියාව චීනය සහ ජපානය. ඒගොල්ලොන්ට අවශ්‍ය දේයි වෙන්නේ. දක්ෂයා ඉවත් වෙනවා.

සියනෑ කෝරළයේ ඡන්ද ගණන් කරපු ස්ථානයේ වෙච්ච දේ අපි ඇස් දෙකට දැක්කා. අන්තිමට මහින්ද සුළඟ ගෙනාපු, වැඩ කරපු ප්‍රසන්න රණතුංග පහු කරලා නාලක ගොඩහේවා ගම්පහෙන් මනාප ගත්තා. ගියපාර ඡන්දෙන් පෑරදුණු සරත් වීරසේකර කොළඹ ඇවිත් විමල් වීරවංශට වඩා ගන්නවා. ඒ කොහොමද එහෙම වෙන්නේ? එතකොට මාතර ඩලස්, කාංචන හතරට පහට යනවා අලුතෙන්ම ආපු කෙනෙක් ලක්ෂ ගාණක් මනාප ගන්නවා. ඒ කියන්නේ Sponsorගෙ කැමැත්ත.

ඇමරිකන් පුරවැසියෙක් ජනාධිපති උනා. එයාගෙ මල්ලි වෙච්ච තවත් ඇමරිකන් පුරවැසියෙක් මෑතිවරණය කළා. මුදල් ආවා. දැන් MCC ගිවිසුමත් හරි යයි. වරායෙ ප්‍රශ්නෙදි ඉන්දියාවට කෝල්කරලා අහන්න උනානෙ. ඕවත් වෙයි.” යැයි ඒ මහතා පවසයි.
gossip lanka