Email

රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කොට ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටිනවා.

එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සඳහා පත් කරනු ලබන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය ඉදිරි දිනයකදී  ගැනීමට නියමිත බවයි සඳහන් කරන්නේ.


පක්ෂයේ නව නායකත්වය සඳහා මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උප සභාපති රවී කරුණානායක, ජාතික සංවිධායක දයා ගමගේ සහ වජිර අබේවර්ධන යන අයෙගේ නම් යෝජනා වී ඇති බවයි පක්ෂ මහලේකම්වරයා සඳහන් කර සිටියේ.
gossip lanka