මහේලගෙන් ආණ්ඩුවට දැඩි ප‍්‍රහාරයක් !

මෙරට ද තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් උවමනා වන්නේ කුමන හේතුවක් මතදැයි හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විමසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව විමසා ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙනි.


ඔහු පෙන්වා දෙන්නේ මෙරට දැනට ඇති ක්‍රීඩාංගන පවා ජාත්‍යන්තර තරග සඳහා එතරම් භාවිත නොවන බවයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ කියා සිටියේ ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම හෝමාගම ප්‍රදේශයේ ආරම්භ කිරීමට සියල්ල සූදානම් කරමින් ඇති බවයි.

අක්කර 26 ක භූමි ප්‍රමාණයක් පුරා ඉදිකරන මෙම ක්‍රීඩාංගනයේ 40,000කට ආසන පහසුකම් සකස් කර ඇති බවත් ඩොලර් මිලියන හතළිහකට ආසන්න මුදලක් වැය වනු ඇති බවටත් ගණන් බලා ඇත.

කෙසේ නමුත් හෝමාගම ප්‍රදේශයේ ඉදිවන්නේ ශ‍්‍රී ලංකාවේ පළමු ජාතික ක්‍රීඩා විශ්ව විද්‍යාලයේ බව ආසියානු ඔලිම්පික් කමිටුව නිවේදනය කර ඇත
Powered by Blogger.