නාවුක හමුදා ආසාදිතයන්ට සමීප වූ දෙදහසක් සොයා බුද්ධි මෙහෙයුම්

කොරෝනා ආසාදිත වී සිටින නාවික හමුදා සෙබළුන් හා සමීප වුණු ස්පර්ශකයන් 2000කට ආසන්න පිරිසක් සොයමින් බුද්ධි අංශ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

දැනටමත් එවැනි ආශ්‍රිතයන් විශාල පිරිසක් බුද්ධි නිලධාරීන් විසින් හඳුනාගෙන නිරෝධයට යොමුකර තිබේ.


කොරෝනා ආසාදිත නාවිකයන් හඳුනා ගැනීමේ අවසන් ඉදිරියට පැමිණ ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

නාවික භටයන් සහ සමීප වුන පිරිස ගණන ඉදිරියේදී තරමක් වැඩිය හැකි බැවින් ඒ ගැන දැඩි අවධානයෙන් පසුවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
Previous Post Next Post