රටටම මේ විනාශය කළේ ජාඇළ කුඩ්ඩා - අජිත් රෝහණ තේරෙන භාෂාවෙන්ම කියාදෙයි

රටට මේ විනාශය සිදුකළේ ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් හමුවූ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි කොරෝනා ආසාදිත රෝගියා විසින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
"මේ රෝගියා හමුවුනේ අප්‍රේල් මාසෙ 5 වෙනිදා. එදා රාත්‍රියේ පමුණුගම පොලිස් වසමේ දෑලතුර ප්‍රදේශයේ තමයි මොහු ගම්මුන් විසින් අත් අඩංගුවට ගත්තේ.
මොහු මත්කුඩුවලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. යම් සොරකමකට ගිය වෙලාවෙ පාන්දර අත් අඩංගුවට ගත්තා. අරගෙන පමුණුගම පොලිසියට ගෙනිච්චා. එහිදී මොහුට යම් යම් රෝගී තත්වයන් තිබුණු හින්දා රාගම රෝහලට ඇතුළත් කළා. මොහු කෝවිඩ් පොසිටිව් බවට අනාවරණය වුණා.

මේ සිද්ධියෙදි මේ පුද්ගලයා බාරව හිටපු අය, අවට හිටපු අය, ඥාතීන්, හිතමිත්‍රාදීන් මේ රෝග ලක්ෂණ තියෙද්දි ඒවා ගැන හොයාබැලුවෙ නෑ. මොහුත් මත්කුඩුවලට ඇබ්බැහි වෙච්ච නිසා සමරවිට සිහියකින් තොරව ඉන්න ඇති. නමුත් අවසාන ප්‍රතිඵලය වුණේ - අර දකුණු කොරියාවේ 31 වැනි රෝගී කාන්තාව, ඇයත් 61 හැවිරිදි කාන්තාවක්. ඇය මේ රෝග ලක්ෂණ තියෙද්දි පල්ලියෙ දේව මෙහෙයන්ට සහභාගී වුණා, 9000ක් සහභාගී වෙච්ච දේව මෙහෙයෙන් 3000කටම මේ රෝගය දෙන්න ඇය සමත් වුණා.

මේ තත්වයත් ඒ ආකාරයටම තමයි වුනේ. ඊට පස්සෙ මේ දෑලතුර ප්‍රදේශයේ පුද්ගලයාව අත් අඩංගුවට ගත්තු පවුල් 12ක් නිරෝධායනය කරන්න වුණා. පොලිසියෙදි ඔහු බාරගත්ත සියලුම පොලිස් නිලධාරීන් නිරෝධායනය කරන්න වුණා. පමුණුගම පොලිසිය විෂබීජහරණය කරන්න වුණා. සුදුවැල්ල ප්‍රදේශයේ මොහු ළඟින්ම ඇසුරු කරපු 108 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙනියන්න වුණා. ගමම ලොක් කරන්න වුණා. ඒකෙන් විවිධාකාරයේ තවත් පැතිරීම් සිද්ධ වුණා. ඒ අතරෙම අපි විශ්වාස කරන ආකාරයට අපෙ කැපවෙලා රාජකාරි කරන නාවික හමුදා සාමාජිකයින්ට මේක පැතිරුණා.
ඉතිං අර දකුණු කොරියාවෙ 31 වෙනි රෝගී කාන්තාව කරපු තත්වෙම මේ 206 වෙනි රෝගියා අපේ රටට මේ විනාශය සිදුකළා. ඒක නිසා තමයි මේ රෝගීන් සංඛ්‍යාව වැඩිවෙන්න පටන් ගත්තේ"
Previous Post Next Post