ඇදිරි නිති රෙගුලාසි උල්ලංඝනය කරමින් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙක් රතන සුත්‍රය සජ්ඣායනා කරයි - (photos)

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග (24) දින රාත්‍රි 8 සිට (27) දින උදැසන 5 වන තෙක් පනවා ඇති ඇදිරි නිතිය හමුවේ අඹගමුව සෙල්ලිපියට ඉහලින් වු ගලක් මත නැග අඹගමුව ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි හෙලප්‍රිය නන්දරාජ මහතා විසින් රතන සුත්‍රය සජ්ඣායනා කිරිම ආරම්භ කර ඇත.
අද (25) දින උදැසන 8 පමණ වන විට අඹගමුව සෙල්ලිපිය අසලට පැමිණි හෙලප්‍රිය නන්දරාජ මහතා මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ මෙරටින් කොවිඩ් 19 වෛසරය තුරන් වන ලෙස ප්‍රාර්ථනා කරමින් උදැසන 8 සිට මධ්‍යහන 12 දක්වා පැය හතරක කාලයක් තමන් මෙසේ රතන සුත්‍රයසජ්ඣායනා කරන බවයි.

හෙලප්‍රිය නන්ද රාජ මහතා ශබ්ද විකාශන යන්ත්‍රයක් උපයෝගි කර ගනිමින් රතන සුත්‍රය සජ්ඣායනා කරමින් සිටියි.
Previous Post Next Post