පොලිස්පති පූජිතත් ඇප මත මුදා හැරේ.. රට පැනීම තහනම්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇප මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය විසින් අද නියෝග කළේය.

පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකලේ යයි ඔහු මාස හතරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.


එම චෝදනාව මතව රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද අද පෙරවරුවේ අද දිනයේ දීම මහාධිකරණ විසින් ඇප මත මුදාහැර තිබේ.

ඔවුන් දෙදෙනාටම විදෙස් ගමන් තහනමක් පනවා ඇත.
Previous Post Next Post