යාපනය රෝහලේ කොරෝනා රොගී කතක්..? කොළඹට එවයි.. ඇය චීනයේ සිට පැමිණි අයෙක්

චීනයේ සිට වව්නියාවට පැමිණි තරුණයිකට කොරෝනා වෛරසයට සමාන රෝගී තත්වයක් හේතුවෙන් වව්නියාව රෝහලට ඇතුලත් වීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එම තරුණිය යාපනය ශික්ෂණ රෝහල වෙතට මාරු කොට යවා ඇත.


24 හැවිරිදි එම තරුණිය පසුගියදා චීනයේ සිට පැමිණීමෙන් පසුව හට ගත් උණ රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ (05) දින වව්නියාව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මෙසේ වැඩි දුර ප්‍රතිකාර සඳහා යාපනයට මාරු කොට යවනු ලැබීය.

යාපනය ශික්ෂණ රෝහලට මාරු කොට යැවූ තරුණියට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තමන් විශ්වාශ කරන බවටත් එම තරුණියගේ රුධිර සාම්පල මේ වන විටත් පරික්ෂණ සඳහා යොමු කොට ඇති අතර ඒ වෙනුවෙන් උතුරේ ජනතාව කිසිවෙක් බියක් සැකයක් ඇතිකරගත යතු නොවන බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා සහා නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ජමුනානන්දන් යන අය පැවසීය.

එමෙන්ම මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ අංග සම්පූරණ පහසුකම් වලින් යුත් වෙනම විශේෂිත වූ වාට්ටුවක් වෙන් කොට ඇති බවටද කැස්ස , සෙම්ප්‍රතිස්සාව හා උණරෝගී තත්වයක් ඇත්නම් ඔනෑම අයෙකුට රෝහල වෙතට පැමිණ රෝගි තත්වය පිළිබඳව නිරනය කිරීමට හැකි බවටත් මේ වන විටත් වෛරස් රෝගී තත්වයෙන් ආරක්ෂා වීමේ පහසුකම්ද සපයා ඇති බවටද වෛද්‍ය සත්‍යමූර්ති මහාතා වැඩිදුරටත් පවසා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ
Previous Post Next Post