පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.
එජාපය නිදහස් උලෙලේ දී දෙමළින් ජාතික ගීය ගායනා කලේ සංහිඳියාව නාමයෙන්. විපක්ෂ නායක තනතුර අහිමි වීමෙන් පසුත් සම්බන්දන් මන්ත්‍රිතුමාට මහජන මුදලින් නිල නිවාස, වාහන, ඉන්ධන දීමනා සහ පරිවාර සේවකයින් ලබා දීලා නඩත්තු කලෙත් සංහිඳියාව වෙනුවෙන්ලු.
ඒ වගේම සංහිඳියා ව්‍යාපෘති වෙනුවෙන් කියා චන්ද්‍රිකා ජනපතිනියට සහ මනෝ ගනේසන් ඇමතිවරයාට ප්‍රකෝටි ගණනින් මුදල් වෙන් කළා. වසර පහක් පුරා කළ ඒ ව්‍යාපෘති සාර්ථක නම් 2019 වන විට සංහිඳියාව ගොඩ නැගීම කෙසේ වෙතත් ප්‍රගතියක් හරි පෙන්වන්න ඕනෑනෙ. ඇත්තටම මොකද වෙලා තිබෙන්නේ?
පසුගිය ජනාධිපතිවරණයේ දී ඉතිහාසයේ කවදාවත් නොවුණු අයුරින් ලංකාව ජනවර්ග අනුව බෙදුණා. මහ ජාතිය බුරුතු පිටින් එක් අපේක්ෂකයෙකු වටා එකතු වන විට සුළු ජාතින් තොග ගණනින් ප්‍රතිවාදි අපේක්ෂකයා වටා එකතු වුණා. පසුගිය ජනපතිවරණ ප්‍රතිඵල අපට ලබා දෙන ලොකුම පණිවිඩය තමයි කෝටි ගණනින් මහජන මුදල් කාබාසිනියා කළ එජාප ආණ්ඩුවේ සංහිඳියා ව්‍යාපෘතිය බරපතල විධියට අසාර්ථක බවයි.
– අරවින්ද අතුකෝරල
චන්ද‍්‍රිකාගේ ජාතික සංහිඳියා ව්‍යාපෘතිය සහමුලින්ම අසාර්ථකයි.. රජයේ මුදල් කෝටි ගාණක් වාෂ්ප වෙලා !
2020-01-02T12:21:00+05:30
Gossip Lanka Hot News
Enghish News|