Update : හපුතලේ ප්‍රදේශයට කඩා වැටුනේ ගුවන් හමුදා යානයක් - සිව්දෙනෙක් ජිවිතක්ෂයට - (photos & video)

හපුතලේ ප්‍රදේශයේදී ගුවන් යානයක් අනතුරට පත්ව තිබෙනවා.

මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයට අයත් ගුවන් යානයක් බවයි ගුවන් හමුදාව පවසන්නෙ.

වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිට ගුවන් ගතව ඇති මෙම ගුවන් යානය ආවේක්ෂණ කටයුතු සඳහා යොදවා තිබු බවත් එහි ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙක් ගමන් කර ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කරන්නේ.

මෙම අනතුරෙන් එම ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනාම ජිවිතක්ෂයට පත්ව ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි ගුවන් හමුදාව සඳහන් කර සිටියේ
Previous Post Next Post