‘ලයන් එයාර්’ යානයෙන් ලංකාවට ආවේ මාරාන්තික ලෙඩෙක් ?

මගීන් දෙදෙනකු හදිසියේ රෝගාතුරව සිටින බව දැනුම්දී පසුගිය (13) වැනිදා අලුයම කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බැස්ස වූ ගුවන්යානයේ සිටි මගීන් දෙදෙනකුගෙන් එක් මගියකු අසාධ්‍ය තත්ත්වයෙන් අයිඩීඑච් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර ඔහුට හඳුනාගත නොහැකි රෝගයක් වැලඳී ඇති බව රෝහල් ආරංචිමාර්ග වාර්තා කරයි.


මෙසේ ගොඩබස්වන ලද ‘ලයන් එයාර්’ ගුවන් සේවයට අයත් ගුවන්යානයේ මගීන් අතර සිටි මියගිය දෙදෙනා සමඟ ගුවන්යානය තුළ රෝගීව සිටි ඉන්දුනීසියානු ජාතිකයකු සමඟ තවත් අයෙකු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා අයිඩීඑච් රෝහලට මාරුකර එවා ඇත.

එම රෝගීන් දෙදෙනාගෙන් හඳුනාගත නොහැකි රෝගී තත්ත්වයකින් පෙළෙන රෝගියකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් එම ඉන්දුනීසියානු ජාතික රෝගියා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බවත් සඳහන් කළ එම රෝහලේ ප්‍රකාශකයකු ඔහුට වැලඳී ඇති රෝගය ඊයේ රාත‍්‍රිය වනවිටත් හඳුනා ගැනීමට නොහැකිවී ඇති බවද වාර්තා වේ.

එම රෝගියා මේවන විටත් සිහිසුන් තත්ත්වයේ පසුවන බවද රෝගියාගේ උගුර ප්‍රදේශයෙන් ලබාගත් සෙම හා රුධිර සාම්පල බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යවා ඇති බවද පැවසේ.
Previous Post Next Post