සජිත්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය ගොඩ ගැනීමට විදෙස් උපදේශකයන් කැදවති

ජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය ශක්තිමත් කිරීමේ අරමුණින් විදෙස් මාධ්‍යයට සම්බන්ධ මාධ්‍යවේදීහු පිරිසක් දිවයිනට පැමිණෙති.

පැමිණි පිරිස අවසන් සතියේ ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියට සෘජු දායකත්වය සැපයීමට නියමිතය.


මෙම පිරිස එංගලන්තයේ ලන්ඩන් නුවර සිට මෙරටට පැමිණ ඇති අතර ඔවුන් රාජ්‍ය නොවන සංවිධාන වලින් යැපෙන පිරිසක් බවද වාර්තාවේ.

ඔවුහු කොළඹ තරුපහේ හෝටලයක ලැගුම් ගෙන සිටිමින් ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙය වීමට සූදානම් වෙති.

මේ අතර ප්‍රචාරක ව්‍යාපෘතිය දුර්වල බව පවසන අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එය අවසන් සතියේදී තම ඍජු අධීක්ෂණයට පත්කළ යුතු බවට දන්වා ඇත.

එංගලන්තයේ සිට මාධ්‍යවේදීන් පැමිණීම පිළිබදව රනිල් වික්‍රමසිංහ මහතා එතරම් ප්‍රසාදයක් පළ කර නැති බවද වාර්තා වේ.
Previous Post Next Post