මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ගැන චම්පික හෝ මංගලට විවාදයකට එන්නයි ප‍්‍රසිද්ධ අභියෝගයක්

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පල කලේය.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම තරම් මව්බිම දැවැන්ත පාවා දීමකට සැරසෙන ගිවිසුමක් ඉතිහාසයේ කවදාවත් තිබිලා නෑ. 1505 දී ගෙරි හම් කඩක ඉඩක් කඳවුරක් ඉදි කරන්න පෘතුගීසින්ට ලබා දීමේ ගිවිසුමට වඩා මේක භයානකයි.
1580 දී දොන් ජුවන් ධර්මපාල රජු විසින් කෝට්ටේ රාජ්‍යය පෘතුගීසින්ට පැවරීමට වඩා මේක භයානකයි. 1815 දී ඉංග්‍රිසින් එක්ක අත්සන් කළ උඩරට ගිවිසුමට වඩා මේක භයානකයි. නමුත් ඇමෙරිකාවේ කුණු ලොන්ඩරි බවට පත් වී ඇති මංගල සමරවීර ඇමතිතුමාත් පා ච රණවක ඇමතිතුමාත් මාධ්‍ය ඉදිරියේ මේ ගිවිසුම සාධාරණීකරණයට අසාර්ථක උත්සාහයක යෙදෙනවා. මංගල ඇමතිතුමා බටහිර ඉත්තෙක් ගැත්තෙක් කියන එක කවුරුත් දන්නවා. නමුත් පා ච රණවක ඇමතිතුමා ඇමෙරිකානු සීඅයිඒ ඒජන්තයෙක් කියන එක නම් අළුත් ප්‍රවෘත්තියක්.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුමක් මුලින්ම අත්සන් කලේ මැඩගස්කරයයි. ඒ 2005 දී. ලංකාවේ වගේම මැඩගස්කරයේත් ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් තිබුණා. ඒ ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස රටේ වගා කළ හැකි ඉඩම් වලින් 50%ක් ඒ කියන්නේ හෙක්ටයාර මිලියන 1.3ක් කොරියානු සමගමකට බදු දෙන්න ආණ්ඩුව එකඟ වුණා. මේ ගිවිසුමට එරෙහිව රටේ මතු වුණු විරෝධය අන්තිමට අවසන් වුණේ කුමන්ත්‍රණයකින් ආණ්ඩුව පෙරලීමෙන්. අළුත් ආණ්ඩුව කොරියානු සමාගමට ඉඩම් දෙන්න බෑ කිව්වාම මිලේනියම් චැලේන්ජ් ගිවිසුම හකුලා ගෙන මැඩගස්කරයෙන් යන්න ඇමෙරිකාව තීරණය කළා.

ඇමෙරිකාවට ඉඩම් බදු දීමෙන් ලොකුම අමාරුවේ වැටුණු රට පැනමාවයි. පැනමා ඇල හදන්න ඇමෙරිකාවට ඉඩම් බදු දීලා පැනමාවේ පාලනය ඇමෙරිකාව අතට ගත්තා. ඊට විරුද්ධ වුණු එක ජනාධිපති කෙනෙක් මරලා දාන්නත් තවත් ජනාධිපති කෙනෙකු පැහැරගෙන ගිහින් ඇමෙරිකාවේ හිරේ දාන්නත් ඇමෙරිකාව පසුබට වුණේ නෑ. වීසි කළ නොහැකි කිසිවක් අල්ලාගනු එපා යැයි ඉංග්‍රීසි කියමනක් තියෙනවා. මේ රට ඇතුළට එන්න හදන්නේ ලෝකයේ බලගතුම රාජ්‍යයයි. එම රාජ්‍යය අපේ ඉඩම් අල්ලා ගත්තාට පස්සේ අප යන්න කිව්වත්, අපට ඔවුන් එළවා ගැනීමට අවශ්‍ය වුණත් අපට එළවා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඇමරිකානු සීඅයිඒ ඒජන්තයන් විදිහට මංගල සහ චම්පික මේ ගිවිසුමට පක්ෂ වීම තේරුම් ගන්න පුළුවන්. ඔවුන් හදන්න බෑ. ඔවුන් වැඩ කරන්නේ ඩොලර් කුට්ටි වලට. නොදන්නා කමට පක්ෂ වන අය ඉන්නවා නම් ඇමෙරිකාව සමග ඉඩම් ගිවිසුම් ගහලා පැනමාවට සහ මැඩගස්කරයට මොකද වුණේ කියලා සොයා බලන්න කියා අපි ඉල්ලා සිටිනවා.
Previous Post Next Post