කුණු බැනුම් වර්ෂාවෙන් මංගලත් කලකිරේ.. දේශපාලනයෙන් සමුගනී

හිටපු මුදල් ඇමති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇත.

ඉදිරි කාලයේ දී තමන් දේශපාලනයෙන් ඉවත් වී සංහිඳියාව සහ ජාතික සමගිය වෙනුවෙන් කැප වීමට සූදානමින් සිටින බව ඔහු සමීපතම පුද්ගලයන් සමඟ සඳහන් කර තිබේ.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම සවරවීර මහතාව දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබින.

මංගල සමරවීර මහතාගේ ඇතැම් ප‍්‍රකාශයන් මැතිවරණ ව්‍යාපාරයට දැඩි ලෙස අවාසි සහගත වූ බවද ඔවුන් චෝදනා කර ඇතැයි වාර්තා වෙයි.


Previous Post Next Post