කැබිනට්-රාජ්‍ය ඇමතිලාට අමතර නියෝජ්‍ය ඇමති පිරිසකුත් දිවුරයි

කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන්ට අමතරව තවත් නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකු පත්කිරීමට සූදානමක් ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

රාජ්‍ය ඇමතිවරුන් පත්කිරීම සදුදා දිනයේ සිදු කිරීමට නියමිතව තිබුනද එය හෙට දිනය දක්වා කල් ගියේය.


ඇමතිවරුන් 16ක්න් යුතු කැබිනට් මණ්ඩලය පසුගිය සතියේ දිවුරුම් දෙනු ලැබීය.

මෙය අන්තර්කාලීන රජයක් බවත් එය පවත්වාගෙන යන්නේ මීළඟ මැතිවරණය තෙක් රට මෙහෙයවීමට පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම උත්සවය අමතමින් පැවසීය.
Previous Post Next Post