මගෙ පුතා පැරැද්දුවේ රනිල්..- හේමාර්යාව පවසයි.

ක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් තම පුත්‍රයා වන සජිත් ප්‍රේමදාස මහතාට මේ ආකාරයෙන් සලකනු ඇතැයි තමන් සිහිනෙන්වත් නොසිතූවේ යයි හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය සඳහන් කරයි.

තමන් සහ තම පුත්‍රයා රනිල් වික්‍රමසිංහ මහතා ගැන සම්පූර්ණ විශ්වාස කර කටයුතු කළ බවද ඇය සඳහන් කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ අරමුණ වූයේ රටට විශිෂ්ට සේවයක් කිරීම පමණක් බවද ඇය සඳහන් කරන්නීය.

නමුත් මේ ආකාරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බව දන්නේ නම් තම පුත්‍රයා කිසිවිටෙක ජනාධිපතිවරණයට ඉදිරිපත් නොකරන බවද ඇය සඳහන් කර ඇත්තේ හැඬුම් බරවයි.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු පුත්‍රයාගේ දුක සැප බැලීමට පැමිණි දේශපාලන හිතවතුන් පිරිසක් සමඟ ඇය මෙම අදහස් පළ කර ඇත.
Previous Post Next Post