සජිත්ගෙන් මහින්දට ප්‍රශ්න 4ක අභියෝගයක්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරමින් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

පිල්ලේයාන් සමඟ ඔබේ රහස් ගනුදෙනුව, වර්ධරාජා පෙරුමාල් සමඟ ඔබේ රහස් ගනුදෙනුව, කරුණා අම්මා සමඟ ඔබේ රහස් ගනුදෙනුව සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සමඟ ඔබගේ රහස් ගනුදෙනුව කුමක්දැයි පැහැදිලි කරමින්
ජනතාවට කරුණු ඉදිරිපත් කරන්නැයි ද සජිත් ප්‍රේමදාස මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කොට තිබේ.

තමා නැවතත් රටේ භෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය, ස්වාධීනත්වය ආරක්ෂා කරන බවද ඒ සඳහා ඇති ලොකුම තර්ජනය ඇතිවන්නේ අන්තවාදීන්ගේ කල්ලියකින් බව ප්‍රේමදාස මහතා පවසයි.

රාජපක්ෂ මහතා මෙහෙයවන දේශපාලන සන්ධානය අපේ රට මෙතෙක් දැක ඇති සෑම අන්තවාදී වර්ගයකින්ම පිරී ඇති බව ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

ඔහු මහින්ද රාජපක්ෂ මහතාට පවසන්නේ සහෝදර අපේක්ෂකයාට විවාදයකට මුහුණදීමට ධෛර්ය නොමැති බැවින්, තමා විමසන ප්‍රශ්න 4 ට මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට පිළිතුරු ලබාදිය යුතු බවයි.

Previous Post Next Post