ජනපතිවරණ අවසන් රැලි අද - ගෝඨා හෝමාගම - සජිත් මරදාන - අනුර මහරගම

නාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රාහී අවසන් ප්‍රචාරක ජන රැලි අද (13දා) පැවැත්වේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහාගේ අවසන් ජන රැලිය පැවැත්වෙන්නේ අද රාත්‍රි 8.00ට මැද කොළඹ මරදාන ටවර් රඟහල ඉදිරිපිටදීය.



ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වන අවසන් ජන රැලිය අද ප.ව. 6.00ට හෝමාගමදී පැවැත්වෙයි.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සිය අවසන් ජන රැලිය මහරගමදී පවත්වනු ලබයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මැතිවරණ ව්‍යාපාරයේ අවසන් ජන රැලියට සහභාගිවීමට පෙර තිස්සමහාරාම, මාතර, ගාල්ල සහ කළුතරදී පැවැත්වෙන ජන හමුවලටද සහභාගි වෙයි.



සජිත් ප්‍රේමදාස මහතා මරදානේ අවසන් ජන රැලිය අද ප.ව. 8.00ට ඇමතීමට පෙර මොනරාගල, හම්බන්තොට, වැලිගම, ගාල්ල සහ කළුතර පැවැත්වෙන ජනහමුද ඇමැතීමට නියමිතය.



ඉෂාරා සිල්වා, අනුරාධා හේරත්, උපතිස්ස පෙරේරා
Previous Post Next Post