යාපනය චෙන්නායි ගුවන් ගමන් ඇරඹේ.. ප‍්‍රවේශ පත‍්‍රය 12,990යි..

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගුවන් ගමන් සේවා 11 සිට සිවිල් වැසියන් වෙනුවෙන් ආරම්භ කෙරුණු අතර යාපනය සිට චෙන්නයි බලා පිටත්වු පළමු ගුවන් ගමන වෙනුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර අචාර්ය සුරේන් රාඝවන් මහතා එක්විණ.


ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.එල්. 9102 දරණ ගුවන් යානය පලාලි ගුවන්තොටුපලට පැමිණීමෙන් පසුව නැවත එම ගුවන් යානය චෙන්නායි බලා සිවිල් වැසියන් රැගෙන ගිය අතර එම ගුවන් ගමනට උතුරු ආණ්ඩුකාර වරයාද සහභාගී විය.

පලාලි ගුවන් තොටුපොළ නිළධාරීන් පැවසුවේ සතියකට දින තුනක් ගුවන් ගමන් සේවාවන් සිදුකිරීමට නියමිත අතර,සදුදා,බදාදා හා සෙනසුරාදා දිනයන්හිදි ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක වන බවටයි.

යාපනය සිට චෙන්නායි දක්වා එක් ගුවන් ගමන් සේවාවක් වෙනුවෙන් රුපියල් 12,990 ක් අය කිරීමට නියමිත බවද ගුවන් තොටුපොළ නිළධාරීන් පැවසූහ.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔක්තෝම්බර් 17 වැනිදා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් විවෘත වූ අතර පලාලි ගුවන්තොටුපල පුලුල් කිරීම හා සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2250ක මුදලක් අයෝජන කොට තිබුණි.

පලාලි ගුවන්තොටුපලේ ජාත්‍යන්තර ගුවන් ගමන් මගින් වැඩි සංචාරකයින් ප්‍රමාණයක් උතුරු පලාතට පැමිණීමද වැනි සංවර්ධන ක්‍රියාදාමයන් සිදුකිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ අරමුණ වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ
Previous Post Next Post