සජිත් - අනුර එකම වේදිකාවක !

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයින් එක වේදිකාවකට කැඳවීම සදහා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් සැලසුම් කර ඇති වැඩසටහන සදහා සහභාගී වන බව අපේක්ෂකයින් 08 දෙනෙකු නිළ වශයෙන් තහවුරු කර ඇතැයි වාර්තා වේ.


මෙසේ සහභාගිවීම ස්ථිර කළ අපේක්ෂකයන් අතර මෙවර ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, මහේෂ් සේනානායක හා රොහාන් පල්ලෙවත්ත යන අයත් සිටීම විශේෂ සිද්ධියකි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා කියා සිටියේ විනයගරුක දේශපාලන සංස්කෘතියක් මෙරට තුල ගොඩ නැංවීමට මෙවැනි වැඩසටහන් රටට අවශ්‍ය බවයි.

සියලු අපේක්ෂකයින් එක වේදිකාවකට කැඳවීම සදහා සැලසුම්කර ඇති වැඩසටහන හෙට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

එය පස්වරු 03 සිට පස්වරු 05 දක්වා පැවැත්වෙන බවද පැවසේ.
Previous Post Next Post