පුද්ගලයන් දෙදෙනකුට අතපය කැඩෙන තුරු පහරදුන් ප‍්‍රා. සභා මන්තී‍්‍රවරයා පවුලේ අයගෙන් සමාවත් අරන් වන්දිත් දීලා !

මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප‍්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරයකු ප‍්‍රදේශවාසීන් දෙදෙනෙකුට පෙරේදා (2 දා) අතපය කැඩෙන තුරු පහර දී තිබේ.

මන්ත‍්‍රීවරයාගේ මේ ප‍්‍රහාරයෙන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර මේ සිද්ධියත් සමගම මුලතිව් පුදුකුඩිඉරිප්පු ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඒ ස්ථානයට ගොස් සාකච්ඡුා මාර්ගයෙන් ප‍්‍රශ්නය විසඳා තිබේ.

තුවාල ලැබූ දෙදෙනාට වහාම ප‍්‍රතිකාර ලබා ගැනීමට සලස්වා ගම්මානයේ වැසියන් රැුස්කොට මන්ත‍්‍රීවරයා ලවා පවුලේ සාමාජිකයින් ගෙන් සමාව ගැනීමට සලස්වා තිබේ.

මේ අවස්ථාවේදී අදාල මන්ත‍්‍රීවරයා විසින් පවුලේ උදවියට වන්දි මුදලක්ද ගෙවා තිබේ.

නමුත් එම ප‍්‍රාදේශීය සභාවේ තවත් මන්ත‍්‍රීවරු පිරිසක් මන්ත‍්‍රීවරයා කළ පහර දීම සම්බන්ධයෙන් හා සභාපතිවරයා එය විසª ක‍්‍රමය පිළිබඳව නොසතුටට පත් වී මේ මස 10 වෙනිදා ප‍්‍රාදේශීය සභාව රැුස් වූ පසුව ඊට විරෝධය පළ කිරීමට සූදානමින් සිටිති.
Previous Post Next Post