ලංකාවේ ජනපතිවීමට 35ක් තරග බිමේ !

නාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් 35 දෙනෙක් නාමයෝජනා බාර දී තිබේ.

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී නාමයෝජනා භාරගැනීම අද (07) පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා සිදුවිය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සහ කුමාර වෙල්ගම යන මහත්වරු අද දිනයේ නාමයෝජනා බාර දී නොමැත.

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබූ අතර ඊට  පිළිගත් දේශපාලන පක්ෂ 19ක,ස්වාධීන කණ්ඩායම් 19 ක සහ වෙනත් පක්ෂ 03ක අපේක්ෂකයින් ඒ අතරට අයත්ය.

අද සිට දින 7ක් පෙළපාලි තහනම්

නාම යෝජනා භාර ගැනීමේ කාලයේදී නාම යෝජනා 35 ක් ලැබුණ බවත් ඒ සඳහා විරෝධතා 2ක් ඉදිරිපත්වුවත් එම විරෝධතා දෙක ප්‍රතික්ෂේප වූ බවත් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

නාම යෝජනා භාර ගැනීම අවසන් වූ අද දින සිට දින හතක් පෙළපාලි තහනම් වන අතර එම පෙළපාලි නැවැත්වීමටත්, ඒ පිළිබඳව අධිකරණයට වාර්තා කිරිමටත් පොලිසියට බලය දී තිබේ.

ඒ අනුව නොවැම්බර් 16 දා පැවැත්වෙන ජනපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 35ක් තරග කරන බවත් ඡන්ද විමසීම පෙ.ව. 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
Previous Post Next Post