Exclusive : වෙල්ගමගේ සිහිනය එලිවේ..චන්ද‍්‍රිකාගේ සැලැස්ම ක‍්‍රියාත්මකයි..වෙල්ගම ජනාධිපති අපේක්‍ෂක ලෙස ඇප මුදල් බදී !

ක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මීළඟ ජනාධිපතිවරණය අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කිරීම හෙට දිනයේ සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය නියෝජනය කරමින් ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

එම සංවිධානයේ කැඳවුම්කරු රජික කොඩිතුවක්කු මහතා මේ බව තහවුරු කර කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද දිනයේ පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවකින් පසු හෙට දිනයේ ඇප මුදල් තැන්පත් කරන බවයි.

තම ස්ථාවරය වන්නේ මෙවර ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් විය යුතු බවත් එසේ නොවන්නේ නම් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවත්ය.

එසේ නොවන්නේ නම් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස වෙල්ගම මහතා හෙට දිනයේ ඇප මුදල් තැන්පත් කරන බවද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය මෙහෙයවන්නේ හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංගගේ උපදෙස් හා මග පෙන්වීම මත යයි තොරතුරු ඇත.

වෙල්ගම මහතා කලක සිටම කියා සිටියේ ජනාධිපති ධුරයට තමන් සුදුස්සෙකු බවත් අවස්තාව ලදොත් ඊට ඉදිරිපත් වන බවත්ය.
Previous Post Next Post