ගෝඨාගේ පුරවැසි නඩුව විභාගයේ.. අධිකරණය ඉදිරියේ සෙනග පිරේ.. කැරලි මර්ධන ඒකක.. ජල ප‍්‍රහාර රථ කැදවයි

කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ‍්‍රය ආසන්නයේ මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාවක් කර ඇත.

පොලිස් කැරලි මර්දන ඒකක, අධිපීඩන ජල ප්‍රහාරය රථද එහි ස්ථානගත කර තිබේ.


ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අත්හිටුවන ලෙස ගොනු කරන ලද පෙත්සමක් අද දිනයේ විභාගයට ගෙන ඇත.

පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විශාල පිරිසක් මේ වනවිට අලුත්කඩේ අධිකරණ භූමියේ ඉදිරියේ රැඳී සිටිති.
Previous Post Next Post