පාස්කු ප්‍රහාරයට කලින් බුද්ධි අංශ වෙත පැමිණි වට්ස් අප් පණිවිඩය ගැන තේරීම් කාරක සභා වාර්තාව හෙළි කරයි

ප්‍රේල් 4 සිට 21 දක්වා පෙ.ව. 8.27 (පළමු ප්‍රහාරයට මිනිත්තු 18 කට පෙර) රාජ්‍ය බුද්ධි අංශ සේවා ප්‍රධානියාට පාස්කු ප්‍රහාර පිළිබඳ පූර්ව තොරතුරු කිහිපයක් ලැබී ඇති බව තේරීම් කාරක සභා වාර්තාවේ දැක්වේ.

"ගරු කටයුතු මහත්මයාණෙනි, සුභ උදෑසනක්. ඔවුන් අද දින පැය 0600 සිට 1000 අතර ක්‍රියාත්මක වීමට ඉඩ ඇත.
ඔබගේ කාරුණික දැනුවත්වීම පිණිසයි. කොළඹ මෙතෝදිස්ත දේවස්ථානයක් ඔවුන්ගේ එක් ඉලක්කයක්." යනු එලෙස ලැබුණු වට්ස් අප් පණිවිඩය බව එහි තවදුරටත් දැක්වේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාවේ දැක්වෙන පරිදි පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී සහජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත ඔහුගේ මූලාශ්‍රයකින් ලැබී තිබුණ අවසන් ඔත්තුව එයයි.
Previous Post Next Post