ජයඝෝෂා ඔල්වරසන් මැද මර්වින් සිල්වා හංස වේදිකාවේ !

සුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරන ලද මර්වින් සිල්වා මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීම සඳහා ඉදිරිපත්වී තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මාතර දික්වැල්ලේදී පැවති ජන හමුවේ වේදිකාවට මර්වින් සිල්වා මහතා එක්විය.

ඔහු දික්වැල්ලේ වේදිකාවට ගොඩ වී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගීතයක්ද ගායනා කරනු ලැබීය.

පසුගිය රජයේ ඇමති වරයෙකු සිටිය දී ඔහු විසින් සිදුකරන ලද ආන්දෝලනාත්මක ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එවකට විපක්ෂය ලෙස කටයුතු කළ එක්සත් ජාතික පක්ෂය විසින් එල්ල වූයේ දැඩි විරෝධතාවයකි.
Previous Post Next Post