ජනාධිපති අපේක්ෂකයින් ගැන මඩ ප්‍රචාර වලක්වන්න හැකර්වරුගේ සහය - පක්ෂ දෙකෙන්ම විදෙස් හැකර්ලා ගෙන්වයි

දිරි සති කිහිපය තුලදී තම අපේක්‍ෂකයන් සම්බන්ධව අපහාසාත්මක තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වීමේ අවදානමක් ඇති බවට ලැබී ඇති තොරතුරු අනුව ප්‍රධාන පක්ෂ දෙකෙහි ජනාධිපති අපේක්ෂකවරුන්ගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා සහාය ලබා ගැනීමට විදේශීය පරිගණක හැකර්වරුන් විස්සකට ආසන්න පිරිසක් ගෙන්වා ඇති බව වාර්තා වනවා.

ජනාධිපති අපේ්ක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මෙලෙස විදෙස් හැකර්වරුන් ගෙන්වා ඇති බව සඳහන් වන අතර ඔවුන්  ඉන්දියාව, චීනය, වියට්නාමය සහ තායිවානය යන රටවල පදිංචි පරිගණක හැකර්වරුන් බවයි වාර්තා වන්නේ.

තම අපේක්‍ෂකයන් දෙදෙනා සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප‍්‍රචාරය වන අපහාසාත්මක තොරතුරු අවහිර කිරීම ඔවුනට පැවරී ඇති ප‍්‍රධාන රාජකාරිය වී ඇති අතර මෙම හැකර්වරුන් සිදුකරන එක් අවහිරතාවක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දහයකට අධික මුදලක් ගෙවීමට පොරොන්දු වී ඇති බවද පුවත්පත් වාර්තා සඳහන් කර තිබෙනවා.
Previous Post Next Post