සජිත් පාන්දරම තීරණාත්මක මාධ්‍ය හමුවක.. එපා කිවුවොත් හෙට දේශපාලනයෙන් සමුගන්න බව කියයි

දිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකත්වය තමනට ලැබෙනු ඇති බවට පූර්ණ විශ්වාසයක් ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද පෙරවරුවේ මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ නිල නිවසේ දී විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.


මෙම මාධ්‍ය හමුව සඳහා මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, රන්ජිත් මද්දුම බණ්ඩාර, චන්ද්‍රානි බණ්ඩාර යන ඇමතිවරුන්ද පිරිස සහභාගි වූහ.

අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්ද විමසීමකින් අපේක්ෂකයා තෝරා ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඇමති සජිත් පේ‍්‍රමදාස එහිදී කියා සිටියේය.

තමන්ට කිසිදු බල තන්හාවක් නැති බවත් තව දුරටත් තමන් අවශ්‍ය නැති බව ජනතාව පවසන්නේ නම් හෙට දිනයේ වුවද තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.
Previous Post Next Post