ජනපතිගේ හඬ පටයෙන් සජිත් අර්බුදයකට !

නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  විසින් අසභ්‍ය වචනයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයන්ට බැන වදින හඬ පටයක් මේ දිනවල සමාජජාල හරහා පැතිර යමින් තිබේ.

ඒ සමඟම ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳයෙන් එ.ජා.ප ඉහළ තනතුරු අතර තිබෙන අර්බුදය යළිත් වරක් තහවුරුව තිබෙන බව දේශපාලන අරාංචි මාර්ග සඳහන් කරයි.

මෙම හඬ පටයත් සමඟ ජනාධිපතිවරයාගේ ඉතා කිට්ටු සමීපතයෙකු වන එ.ජා.ප නියෝජ්‍ය නායක සජීත් ප්‍රේමදාස මහතාට එ.ජා.පයෙන් ජනපති අපේ්ක්ෂකත්වය ලබා ගැනීමේ අවස්ථාව සම්පුර්ණයෙන් අහිමි වන බව එම ආරංචි මාර්ග පේනවා දෙයි.

"එ.ජා.ප යට හා පාක්ෂිකයන්ට පරුෂ වචනයෙන් බැන වදින පුද්ගලයෙකු සජීත් ප්‍රේමදාස මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට ඉදිරිපත් වන්නේ කෙසේද" යැයි එ.ජා.ප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ප්‍රශ්න කරයි.

මෙම හඬ පටයත් සමඟ ප්‍රේමදාස මහතාගේ අපේක්ෂකත්ව ව්‍යාපාරය යටපත් වී කරූ ජයසූරිය මහතාගේ අපේක්ෂකත්ව අවස්ථාවට ප්‍රමුඛතාවය හිමිවී තිබේ.

ජනාධිපතිවරයා මෙසේ බැන වැදී තිබෙන්නේ තමන් යටතේ ම තිබෙන පොලීස් දෙපාර්තුමේන්තුව එ.ජා.ප යත් සමඟ සහයෝගයෙන් කළ කටයුත්තක් පදනම් කරගෙනය.

මෙම හඬ පටය සත්‍ය එකක් බැව් ජනාධිපතිවරයාට වඩාත් කිට්ටුවෙන් සිටින්නන් විසින් තහවුරු කර තිබේ.
Previous Post Next Post