මධුෂ්ගේ දෙවැනි බිරිය ඔහු ගලවා ගැනීමේ මෙහෙයුමක

හස් පොලිස් භාරයේ සිටින මාකඳුරේ මධුෂ් නඩුවලින් ගලවා නිදහස් කර ගැනීමේ මෙහෙයුමට මධුෂ්ගේ දෙවැනි බිරිඳ ඉන්දියාවට පැමිණ අංගොඩ ලොක්කාගේ කල්ලිය හමු වී ඇති බව වාර්තා වේ.

මධුෂ්ගේ දෙවැනි බිරිඳ වන්නේ වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේ දී වෙඩි කා මියගිය කළු තුෂාරගේ බිරිඳය.

ඇය තම සැමියාගේ මරණයෙන් පසු මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි බිරිඳ ලෙස ඩුබායි රටේදී මධුෂ් සමග වාසය කළාය.

මධුෂ් අබුඩාබි පොලිසියට කොටු වූයේද ඇගේ ඉල්ලීමකට අනුව දරුවාගේ උපන්දිනයට සාධයක් පැවැත්වීමට යාමෙනි.

මේ වන විට මධුෂ් රහස් පොලිසියේ නඩුවලින් ගලවා ගැනීමට නීතිඥවරුන්ට වියදම් කරනු ලබන්නේ ඩුබායි හි සිටින එම බිරිඳ බවද පැවසේ.
Previous Post Next Post