සජිත් කෙහෙල් ඇවරියෙන්..? පක්‍ෂය මෛත‍්‍රීගේ !

ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමැති සජිත් ප්‍රේමදාස මහතාට එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය නොලැබුණහොත් නව පක්ෂයකින් තරග කිරීමට සූදානමක් ඇති බව මාධ්‍ය වාර්තා පල වෙමින් ඇත. ඒ අනුව ඔහු බොහෝ දුරට කෙහෙල් ඇවරිය ලකුණ දරණ එක්සත් ජාතික නිදහස් පෙරමුණ යටතේ තරඟ වැදීමට ඉඩ ඇති බවද එම වාර්තාවන්හි සදහන්ය.

මෙම පක්ෂය පළාතේ ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ නායකත්වයෙන් යුක්ත වූවකි.

මෛත‍්‍රී ගුණරත්න මහතා කලකට පෙර සජිත් ප්‍රේමදාස මහතා සමග එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එරෙහි අරගලයක් සිදු කර පක්ෂයෙන් ඉවත් කරන ලද්දෙකි.

පේ‍්‍රමදාස මහතා රාජාලියා ලකුණ දරන පක්‍ෂයෙන්ද තරග කිරීමේ සූදානමක් ඇති බවටද මීට පෙර වාර්තා විය.
Previous Post Next Post