නාම යෝජනා සමඟ පිල්මාරු කිහිපයක් !

නාධිපතිවරණයට නාමයෝජනා භාර දීමත් සමඟ ප්‍රධාන කඳවුරු දෙක අතර දේශපාලන පිල්මාරු කිහිපයක් සිදුවීමට යන බව වාර්තා වේ.

මේ සඳහා දෙපාර්ශවය ම ඇතැම් සාමාජිකයන් තැනටම හොර රහසේ සාකච්ඡා පවත්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.


විවිධ කලකිරීම් මතවාද නොසලකා හැරීම යනාදී කරුණු නිසා මේ අය පිල්මාරු කරන බව කියති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීපදෙනෙක් ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයින් කීහිපදෙනෙකු මෙලෙස පිල් මාරු කරනු ඇතැයි දැනගන්නට ඇත.

නාමයෝජනා භාර දීමත් සමඟ එම පිල්මාරු සිදුවන බව කියති.

මේ අතර, ඉදිරියේදී පක්ෂ මාරු කිරීමට සූදානම් වන බවට නම් කරමින් එක් එක් පක්ෂවල සිටින මතවාදී ගැටුම් ඇති ප්‍රබලයන් කිහිප දෙනෙකු ඉල්ලක්ක කර මාධ්‍ය වාර්තා පල කිරීමට ද අදාළ ප්‍රධාන දේශපාලන පක්ෂවල මාධ්‍ය කණ්ඩායම් සැරැසී සිටින බව වාර්තා
වේ.
Previous Post Next Post