ශවේන්ද්‍ර හමුදාපති කළාට ඇමෙරිකාව පළි ගනී !

යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරමින් සිටින හමුදා නිලධාරීන් නැවත මෙරටට එවීමට තීරණය කළ බවට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සාකච්ඡා කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (26දා) නිවේදනය කළේය.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරමින් සිටින හමුදා ඒකකයන් සහ තවත් නිලධාරීන් යළි මෙරටට එවීමට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව තීරණය කළ බවට එම නියෝජ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශයක් නිකුත් කර තිබිණි.

පෙරේදා (25දා) ඔහු විසින් සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ මේ තත්ත්වය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප ලේකම්වරයා සමඟ අද (27දා) දින සාකච්ඡා කිරීමට නියමිත බවය.

චාමර අමරසූරිය
මව්බිම
Previous Post Next Post