කබීර් තීන්දුව ගනී.. සජිත් වෙනුවෙන් බෙල්ල දෙයි.. ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

දිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් දිනන අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළ හොත් තමන් තව දින දෙකක් ඇතුළත එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ඇමැති කබීර් හෂීම් මහතා සඳහන් කර ඇත.

සිය සමීප හිතවතුන් සමග ඇමැතිවරයා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පරාජයේ අගාදයට ඇද දැමීමට කිසිවකු කටයුතු කරන්නේ නම් එය තවදුරටත් බලා නොසිටින බවයි.

එක්සත් ජාතික පක්ෂයේ අනාගතය යනු රටේද අනාගතය බවත් හෘද සාක්ෂියට අනුව කටයුතු කළ නොහැකිනම් ය රටටද කරනුයේ ද්‍රෝහිකමක් බවද ඔහු සඳහන් කර ඇත.

තම විශාලතම බැඳීම ඇත්තේ පක්ෂය සමග මිස පුද්ගලයන් සමග නොවන බව කබීර් හෂීම් මහතා තවදුරටත් පවසා තිබේ.

කබීර් හෂීම් මහතා ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ එක්සත් ජාතික පක්‍ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම සමගිනි.
Previous Post Next Post