ගෝඨාභය ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස් කෙරේ !

වන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට අවසර දීමෙන් රජයට පාඩු සිදු කල බවට චෝදනා එල්ල කරමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසකට විරුද්දව ගොනු කර නිබූ නඩුවෙන් ඔහු ඇතුළු 08 දෙනෙකු නිදහස් කිරීමට අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කලේය.

කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම නියෝගය කරන ලද්දේ අදාල නඩුවට විරුද්දව ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් අභියාචනාධිකරණය ඉදිරියේ කරන ලද පැමිණිල්ලක් මත ඉන් ලද නියෝගයකට අනුවයි.

කෙසේ වෙතත් නිසි පරිදි නීතිමය ක‍්‍රියාවලිය අනුව යමින් ඔවුනට විරුද්දව නැවත නඩුවක් ගොනු කිරීමට බාධාවක් නැතැයිද මහේස්ත්‍රාත්වරිය කියා සිටියාය.

අදාල නඩුව ගොනු කරන කාලයේදී අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය වන දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය විසින් පවසා ඇත්තේ දේශපාලන බලපෑම් මත තමනට බොරු නඩු ගොනු කිරීමට සිදු වූ බවයි. ඒ බව පවසන හඬ පටයක් මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධ විය.
Previous Post Next Post