යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයෙකු ලෙස නැවත සේවයේ පිහිටුවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ ලුතිනන්වරයෙකු ලෙස නැවත පත් කරන ලෙස ජනාධිපතිවරයාගේ නියෝගයට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඊයේ ( 24) අත්සන් තබා ඇතැයි වාර්තා වේ.


ඒ අනුව මෙම පත්වීම 2016 පෙබරවාරි 28 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නාවික හමුදාවට කළ දැනුම් දීමක් අනුව 2016 වසරේ පෙබරවාරි මස 28 දා යෝෂිත නාවික හමුදාවෙන් ඉවත් කරනු ලැබීය.

CSN නාළිකාව සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අදාළව යෝෂිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අතර ඒ අනුව ඔහුගේ නාවික හමුදා සේවය අත්හිටුවීමට කටයුතු කළේය.
Previous Post Next Post