අරලිගහ මැදුර ප‍්‍රධාන ගේට්ටුවේ ආරක්‍ෂක නිලධාරියෙක් වෙඩි තබාගෙන සිය දිවි නසාගනී

ගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුවේ ආරක්‍ෂක රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු තම රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි නසාගෙන තිබේ. අරලියගහ මැදුරට ඇතුළු වන ගේට්ටු අංක 01 හි සේවයට යොදවා සිටි මෙම නිලධාරියා අගමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත කර සිටි අයෙකි.

ඔහු දිවි නසාගත් හේතුව පිළිබඳ තොරතුරු වාර්තා නොවෙයි.

පොලිස් පරීක්ෂණ තවදුරටත් ක‍්‍රියාත්මකයි.
Previous Post Next Post