බීමතින් රිය පැදවූ දිමුත් කරුණාරත්නට ලක්ෂ 13ක දඩයක් !

බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම මඟින් ක්‍රීඩක කොන්ත්‍රාතුව කඩකිරීම හේතුවෙන් ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට ඇමරිකානු ඩොලර් 7500ක දඩ මුදලක් නියම කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මෙය රුපියල් දහතුන් ලක්ෂ විසි පන්දහසකට ආසන්න මුදලකි. එය ඔහු වෙනුවෙන් එක් ටෙස්ට් ක්‍රිකට් තරගයක් සඳහා ගෙවන මුදලට සමාන වන බවයි පැවසෙන්නේ.
පසුගිය ඉරිදා දිනයේ අළුයම දිමුත් කරුණාරත්න පැදවූ ජීප් රථය බොරැල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුවූ අතර ත්‍රිරෝද රථ රියදුරු තුවාල ලබා රෝහල්ගත කෙරිණි. එහිදී දිමුත් කරුණාරත්න බීමතින් සිට ඇති හෙළිවුවත් ඔහුව පොලිස් ඇප මත නිදහස් කර තිබිණි.

පසුදා අධිකරණයට ඉදිරිපත් කරන ලද ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලදී. ඔහුගේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දී තිබුණේ අනතුරට පත් ත්‍රිරෝද රථ රියදුරුට නව ත්‍රිරෝද රථයක් ලබාදීමට දිමුත් කරුණාරත්න සූදානම් බවයි.
Previous Post Next Post