තවමත් නිල නිවාස වල ලගින හිටපු ඇමතිලා !

හිටපු ඇමතිවරුන් දහනව දෙනෙකු තවමත් ඔවුන් නිලතල දැරූ සමයේ සිටි නිල නිවාස වල ම රැඳී සිටින බව වාර්තා වේ.

අලුතෙන් පත්වී සිටින ඇමතිවරුන් විසිදෙනෙක් තමන්ට නිල නිදහස ලබාදෙන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් ඉල්ලීම් කර ඇතත් හිටපු ඇමතිවරු ඉවත් වීම නිසා එම ඇමතිවරුන්ට නිල නිවාස ලබාදීමට නොහැකි වී ඇත.


හිටපු ඇමති දයාසිරි ජයසේකර මහතා අසනීප තත්ත්වය නිසා යම් කාලයක් නිල නිවාසයේ රැඳී සිටීමට අනුමැතිය ඉල්ලා ඇත.

නිවාස වල බලහත්කාරයෙන් රැඳී සිටින ඇමතිවරුන්ට එම නිල නිවාසවලින් මේ මාසයෙන් ඉවත්වන ලෙසට මේ වන විට රතු නිවේදනය නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලනය ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කළේ නිල නිවාසවලින් ඉවත් වෙන ලෙස ද ඔවුන්ට දැනුම් දී ඇති බවයි.

කොළඹ නගරයේ සුපිරිම ස්ථානවල පිහිටි මෙම සුඛෝපභෝගී නිල නිවාස වලට කුලිය වශයෙන් ගෙවනු ලබන්නේ වැටුපෙන් සියයට 10 ක ප්‍රමාණයකි.
Previous Post Next Post