මධූෂ්ගේ ඩුබායි නම අජිත් අවංක වික්‍රමසිංහ

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි හි පෙනී සිට ඇත්තේ අජිත් අවංක වික්‍රමසිංහ යන නමින් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා පවසයි.

අත්අඩංගුවට පත් 31ක් ඊයේ (07) අධිකරණයට ඉදරිපත් කර ඇති බවත් එහිදී මාකඳුරේ මධූෂ් අජිත් අවංක වික්‍රමසිංහ නමින් පෙනී සිට ඇති බවත් ඔහු සඳහන් කරයි.
මිනුවන්ගොඩදී ඊයේ (07දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර මධූෂ් ඩුබායිහිදි පැවැත්වූ සාදය සඳහා රුපියල් මිලියන 30කට අධික මුදලක් වියදම් කර ඇති බවද ඩුබායි වාර්තා සඳහන් කරයි. තරු 6ක හෝටලයක පැවති එම සාදය සඳහා මධූෂ් පැමිණ ඇත්තේ සුපිරි ලිමෝසින් රථයකින් බවද අණාවරණය වී ඇත.එම රථය මේ වන විට පොලිස් භාරයටද ගෙන තිබේ.

තවද මෙම සාදයට පැමිණ අත්අඩංගුවට පත්වූවා යැයි කියන මෙරට රාජ්‍යතාන්ත්‍රික බලපත්‍රයක් හිමිවූ පුද්ගලයා කඹුරුපිටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙක් බවද නිළ නොලත් වාර්තා  සඳහන් කරයි
Previous Post Next Post