ඇමතිවරියක් ඇමතිකම් දමා යළිත් රාජ්‍ය සේවයට එක්වෙයි

දේශපාලනයට පිවිසීම සඳහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනි ආනන්දි සශිධරන් මහත්මිය යළිත් රාජ්‍ය සේවාව සඳහා එක්ව ඇත.

ආන්නදි සශිධරන් මහත්මිය කිළිනොච්චිය දිසාපති කාර්යාලයේ සමෘද්ධි සංවර්ධන අංශයේ පාලන නිලධාරිනියක වූ අතර ඇය 2013 වසරේදී දේශපාලන කටයුතුවල නිරත වීම සඳහා නිවාඩු ලබාගෙන තිබේ.
පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමෙන් පසුව අය ජයග‍්‍රහණය කොට උතුරු පළාත් සභාවට මන්ත‍්‍රීවරියක වශයෙන් තේරී පත් වී පසුව අමාත්‍යවරියක් බවට පත්විය.

හදිසියේම යළිත් රාජ්‍ය සේවයට එක්වූයේ දේශපාලනයෙන් සමුගැනීම සඳහා දැයි ඇගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ දේශපාලනය පිළිබදව ඉතාම තදින් තමන් කලකිරී සිටින නමුත් දේශපාලනයෙන් සමුගැනීමට මෙතෙක් තීරණය කොට නොමැති බවයි.
Previous Post Next Post