අගමැතිකම ගන්න පාර්ලිමේන්තුවේ 113 හදාගන්න මට පුළුවන් - සජිත්

අගමැතිකම බාර ගන්නේ ලෙස තමනට 10 වතාවක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කතා කල බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

කරු ජයසූරිය මහතාට අගමැතිකම බාර ගන්නැයි 14 වතාවක් ආරාධනා කර තිබූ බවත් ඇමතිවරයා පැවසීය.

ඉතා පහසුවෙනත් තමනට ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී 113ක බහුතරය සකස් කර ගැනීමේ හැකියාව තිබූ නමුත් තනතුරු වෙනුවෙන් පාවා දීමක් නොකල බවත් ඔහු සදහන් කලේය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගල්ගමුව ‘දඹරන්පුර’ උදා ගම්මානය වින්‍ෘත කිරීමේ උත්සවය අමතමිනි.
Previous Post Next Post