ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කරන්න ඇමතිටත් අල්ලස් දීලා

ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ටද අල්ලස් දීමට තැත්කළ බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ BBC සංවාදයකට එක්වෙමින්.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කළ බවයි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාට ම අල්ලස් දීමට පුද්ගලයන් උත්සාහ කිරීම, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති දූෂිත තත්ත්වයේ බරපතළකම පෙන්නුම් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Previous Post Next Post