තද සුළඟකින් යාපනය කැළඹෙයි

යාපනය ප්‍රදේශයට බලපෑ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් පවුල් 04කට  අයත් පුද්ගලයින් 13 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.

මේ අතර මෙරටට බලපෑ “පේතායි” සුළි කුණාටු තත්ත්වය අද(17) තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අද  සවස් කාලයේදී එම
සුළිකුණාටුව ඉන්දීයාවට ඇතුළු වනු ඇති බවයි.

එබැවින් හෙට(18)  දිනය වන තෙක් තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වලකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබේ.

Previous Post Next Post