අදත් හවසට තද වැසි

උතුරු,නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලි මීටර 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි
බව ද සඳහන් වෙයි.

මධ්‍යම, සබරගමුව හා බස්නාහිර පළාත්වල සමහර තැන්වල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්ත‍මේන්තුව සඳහන් කරයි.

Previous Post Next Post