"පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කළත් රනිල්ටනම් අගමැතිකම දෙන්නේ නෑ" ජනපති කියයි

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම අත්සන් කොට තමන්ට නිර්දේශ කළත් කිසිවිටෙකත් රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ලෙස පත් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

ඊයේ දින ජනාධිපතිවරයා සහා එජාපෙ අතර පැවති සාකච්ඡාවෙන්
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,

"අපි එතුමාට කිව්වා අඩියක් පස්සට අරගෙන පාර්ලිමේන්තුවේ බහුතරය කැමැත්ත තියෙන රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍යධුරයට පත් කරලා කැබිනට් මණ්ඩලය පත් කරන්න කියලා. නමුත් 225 අත්සන් කරලා දුන්නත් එයාව පත්කරන්නේ නෑ කියලා තමයි ජනාධිපතිතුමා කියන්නේ" යැයි පැවසීය.


Previous Post Next Post