ජනපතිට එරෙහිව ජවිපෙන් දෝෂාභියෝගයක් !

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැරදිකාරයෙක් වී අවසන් බවත්, ඔහුට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ආ හැකි බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන කෙනාට අගමැති ධූරය ලබා
දිය යුතු බව සඳහන් කරන මන්ත්‍රීවරයා එසේ නොමැති වුවහොත් මෙරට විශාල මූල්‍ය අර්බුදයක් ඇති විය හැකි බවද පවසයි.

“රටේ මුල් පුරවැසියා වැරැද්දක් කළා කියලා ඔප්පුවෙලා ඉවරයි. පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන කෙනාට අගමැති ධූරය ලබා දිය යුතු වෙනවා. ඒ අනුව අලුත් ආණ්ඩුවක් පත්කිරිමත් වහාම සිදුවිය යුතුයි. නැත්නම් විශාල මූල්‍ය අර්බුදයක් ඇතිවෙනවා. වහාම ආණ්ඩුවක් පත්කිරිමට කටයුතු කළ යුතුයි'' යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Previous Post Next Post