අද සිකුරාදා : ජනපතිගේ තීන්දුව රාත්‍රී සාකච්ජාවෙන් පසු !

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 'අමාත්‍ය මණ්ඩල' සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට නියමිතව ඇති අතර ඒ පිළිබඳ තීන්දුවක් ලැබීමෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අද රාත්‍රීයේද රැස්කර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ජනාධිපතිවරයා පැවසී යයි 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රධානියකු පැවසිය.

කුමන තත්වය යටතේ වුවද එජාප විරෝධි කඳවුර
ශක්තිමත් කිරීමට තමා කැපවන බවට ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී සන්ධාන මන්ත්‍රීවරුන් හමුවේ සහතික වූ බවත් එම ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ රාත්‍රීයේ පැවැති අතර එහිදී ජනාධිපතිවරයා එම කරුණු සඳහන් කර තිබේ.

ඊට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සන්ධානයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා සහභාගි වී ඇත.

''එජාපය සමඟ හවුල් ආණ්ඩු බැහැ''

බහුතර මන්ත්‍රී කණ්ඩායමට ආණ්ඩුව කරගෙන යාමට ඉඩකඩ සලසා දෙන බව එහිදී සඳහන් කර ඇති ජනාධිපතිවරයා, එජාපය සමඟ හවුල් ආණ්ඩුවකට යෝජනා නොකරන්නැයි ශ්‍රීලනිපය මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

නමුත්, කිසියම් ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක් හෝ කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වී මැති ඇමතිකම් ලබාගැනීමට කටයුතු කලත් එවැන්නන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග නොගන්නා බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

ශ්‍රීලනිපයෙන් ඉවත්වී 'පොහොට්ටු' පක්ෂයට එක්වූ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ග නොගැනීමට ජනාධිපතිවරයා මේවනවිට තීරණය කර ඇත.

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙන් වෙනම ඉල්ලීමක් !

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු ජනාධිපතිවරයා වෙනම හමුවී ඇති ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු, පොහොට්ටු පක්ෂයේ හා ශ්‍රීලනිප 16 කණ්ඩායමේ සාමාජිකයින් නොමැතිව ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමට තීන්දුවක් ගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කල බව ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමකට පාර්ලිමේන්තුවේ 'ඒකාබද්ධ විපක්ෂය' ලෙස කටයුතු කිරීමට ජනාධිපතිවරයා විසින් මිට ඉහතදී ලබාදුන් නිදහස, මේ අවස්ථාවේදී එක්සත් ජාතික පෙරමුණ සමග හවුල් ආණ්ඩුවක් ගොඩනගන්නේද නැද්ද ? තීරණය කිරීමට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමට ද හිමිවිය යුතු බව එම මන්ත්‍රීවරුන් පිරිස ජනාධිපතිවරයා හමුවේ පෙන්වා දී ඇත.

ඒ අනුව ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ තීරණය අද දිනයේ තමාට දැනුම්දෙන ලෙස ජනාධිපතිවරයා එම මන්ත්‍රී පිරිසට දැනුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.


Previous Post Next Post